• Kaspersky Internet Security 2010 හොරෙන් Active කරමු..

    ඔන්න මම පොරොන්දු වුන විදියට Kaspersky Internet Security 2010 හොරෙන් Active කරන විදිය අරගෙන අවා..ඒ වගෙම කට්ටියට Kaspersky Internet Security 2010 Key ටිකකුත් අරගෙන අවා..මතක තියා ගන්න මේ key බාගන්න පලමු 10 දෙනා තමා lucky වෙන්නේ...එහෙනම් අපි වැඩෙට බහිමු.. පියවර 1. ඔයාලේ අන්තර්ජාල සම්බන්දතාවය විසන්දි කරන්න[...]

  • SMS යැව්වොත් ආත්රයිටිස්..

    ජංගම දුරකතන යතුරුපුවරු වලින් ඉලක්කම් මෙන්ම අකුරුද ටයිප් කරන්නට පුලුවන් කම නිසා ඉස්සර නම් ලාබාගත් ප්‍රයෝජන දුරකතන නාමාවලියක් තම දුරකතනයෙන් කෙටිපණිවුඩ හේවත් එස් එම් එස් ( SMS - short Messege ) යවන්නට පුළුවන්විම,තවදුරටත් ගොසින් එය පුද්ගලික සහයකයක්(PDA personal Digital Assistant) විමත් නිසා දැන් අළුත් ප්‍රශ්ණයක් මතුව තිබේ..ඒ දුරකතනය යතුරු පුවරුව මත මහපටැගිල්ල මෙහෙයවමින් ටයිප් කරන්නට යාමේදි ඇගිල්ල තුවාල වෙන්නට පුළුවන් විමය.. [...]

  • Title-of-Post-3

    Slide 3 Description [...]

  • Title-of-Post-4

    Slide 4 Description [...]

  • Title-of-Post-5

    Slide 5 Description [...]

Wednesday, June 9, 2010

SMS යැව්වොත් ආත්රයිටිස්..



ජංගම දුරකතන යතුරුපුවරු වලින් ඉලක්කම් මෙන්ම අකුරුද ටයිප් කරන්නට පුලුවන් කම නිසා ඉස්සර නම් ලාබාගත් ප්‍රයෝජන දුරකතන නාමාවලියක් තම දුරකතනයෙන් කෙටිපණිවුඩ හේවත් එස් එම් එස් ( SMS - short Messege ) යවන්නට පුළුවන්විම,තවදුරටත් ගොසින් එය පුද්ගලික සහයකයක්(PDA personal Digital Assistant) විමත් නිසා දැන් අළුත් ප්‍රශ්ණයක් මතුව තිබේ..ඒ දුරකතනය යතුරු පුවරුව මත මහපටැගිල්ල මෙහෙයවමින් ටයිප් කරන්නට යාමේදි ඇගිල්ල තුවාල වෙන්නට පුළුවන් විමය..



මහපටැගිල්ලේ ඇතිවන මේ තුවාලය පිටතට මෙනෙන ලේ ගලන තුවාලයක් නොවේ..එය ඇතුලතින් ඇතිවන පටක තරලය ගලන තුවලයකි..ඒ කියන්නේ මේ තුවාල නිසා එක්කෝ මහාපටැගිලේ හුරුබුහුටි කම නැතිව යන්නට පුලුවන..නැත්නම් ඔස්ටියෝඅතරයිටිස් (Osteoaritis) තත්වය ඇතිවන්නට පුළුවන...



මේ ගැන කතා කරමින් ලන්ඩනයේ ඉම්පිරියල් කොලිජියේ විකලාංගය ශල්‍යවෛද්‍ය විද්‍යාව පිලිබද මහචාර්ය සීන් හෆ් කියා තිබුනේ '' ජංගම දුරකතන වලින් නිතර එස් එම් එස් පණිවිඩ යවන, ඊ-මෙල් ලියන වැඩි දෙදෙනෙකුට ඔස්ටියෝආතරයිටිස් තත්වය ඇතිවන බව මට ප්‍රනි ගොස් තිබෙන්ව කියාය. මෙසේ මහපටැගිල්ලෙන් ජංගම දුරකතන යතුරුපුවරුව හැසිරවිම සෙඛ‍ය්‍යාරක්ෂිත නොවන්නේ ඒ චලනය මහපටැගිල්ල නිර්මාණය වි තිබෙන්නේ යමක් බදා ආල්ලගැනිම සදහා එක් පසෙකට නැවිමට හා ඇගිල්ලේ මුලින්ම ඕනෑම පැත්තකට කරකවන්නට පුළුවන්විම සේය.



එහෙත් ජංගම දුරකතන යතුරුපුවරුවක ඇති බොත්තම මහපටැගිල්ලෙන් ඔබන විට ඇගිල්ලාගන්න ඉරියව්වෙන් වුවත් එය වේගවත් වැඩිය..මන්ද යමක් අල්ලාගන්නා විට ඇගිල්ල නැවෙනවාට වඩා වැඩියෙන් දැන් එය නැවෙන නිසාය..එසේම ඒ නැවිල්ල නැවට නැවත එකම අකාරයෙන් කරන (Repetive strain injury) නිසාය.මේසේ සන්ධියක් ඕනැවට වඩා වැඩි වාර ගණනක් නැවිම නිසා එහි අභ්‍යාන්තර තුවාලයක් (Repetitive strain iniury ) ඇති වන්නේ එවිටය.



ඔස්ටියෝආතරයිටිස් තත්වය ඇතිවි මහපටැගිල්ල තවදුරටත් පහසුවෙන් නවන්නට දිග හරින්නට බැරිව එය ඉදිමේ වේදනාකාරි ඉමකට තල්ලුවි යාමට ජංගම දුරකතනයෙන් පණිවිඩ ලිවිම රුකුල්දෙන බව ඉදුරාම කිව හැක්කේ මේ නිසාය.



මෙවැනිම තත්වයක් එක්දහස් නවසිය අනුව දශකයේද ඇති වු බව ඇමරිකවේ කෝනෙල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් හෙජ් මතක් කොට දෙයි..විඩියෝ ක්‍රිඩා වැඩිපුර ජනප්‍රිය වු ඒ කාලයයේ නිතරම ''විඩියෝ ක්‍රිඩාවල යෙදුණු සමහර අයගෙත් ඇගිලි ඔස්ටීයෝආතර්යිටිස් තත්වයට පත් වුණා'' හේ කියයි..



ඔයාලට යම් කිසි දැනුමක් මේම ලිපියෙන් එකතුවෙන්න ඇති කියලා මම හිතනවා.ඔයාලට මොකද මේ ගැන හිතෙන්නේ...අදහසක් දිලා යන්න..

2 comments:

පොඩි මෑන් said...

මේක ගැන දැනුවත් කලාට බොහොම ස්තූතී.
SMS ගැනනම් බයක් නෑ මොකද වැඩිය පාවිච්චි කරන්නේ නෑනේ :a
තියෙන ලොකුම දුක Game ටික තමයි. :j

සෑම් said...

හි හි...එකට වැඩිය ගේම් ගහන්න එපා..

Post a Comment